― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෘත්තීය පුහුණු අධිකාරියේ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටිලා - කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

වෘත්තීය පුහුණු අධිකාරියේ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටිලා – කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා සිදුවූ අලාභය පියවා ගැනීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම කැඳවීමක් ලබාදී තිබියදී කමිටුව මඟහරින ලද හිටපු සභාපතිවරයා නැවත කැදවීමට ද තීරණයක් ගෙන ඇති අතර එවැනි පුද්ගලයන් රාජ්‍ය අංශයේ තනතුරු සදහා යළි පත් නොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දීමටයි තීරණය කර ඇත්තේ.

මූල්‍ය අධ්‍යක්ෂ ඇතුළු ආයතනයේ ප්‍රධාන තනතුරු 7 ක්ම පුරප්පාඩුව පවතින බව හෙළිවී තිබෙනවා.

පසුගිය මාර්තු 23 වැනිදා පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සදහා වෘත්තීය පුහුණු අධිකාරිය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ කෝප් කමිටුවට කැඳවා තිබුණා.

මෙහිදී විගණකාධිපතිවරගේ නිරීක්ෂණ අනුව කරුණු රැසක් කෙරෙහි කමිටුවේ මූලික අවධානය යොමු වී තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරිය අනීතිකව අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු වැරදි පරිපාලන තීන්දු පිළිබඳ හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සහ අධිකාරියේ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටීම, හිටපු සභාපතිවරයා විසින් වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය නීත්‍යානුකූල නොවන ලෙස අනිවාර්ය නිවාඩු යැවීම කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක් වුණා.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් නොමැතිව මෙය සිදු කර ඇති බවත් තවත් තනතුරු 10ක අදාළ පුද්ගලයන් රාජකාරියක් නොමැතිව මාරු කර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා රජයට හා ආයතනයට විශාල මූල්‍ය පාඩුවක්ද සිදුව ඇති බවත් අධිකාරියේ පරිපාලනය ඉතා බරපතල තත්ත්වයකට වැටී ඇති බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

මෙම තත්ත්වය හමුවේ අමාත්‍යාංශයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවත් මෙම විෂය සම්බන්ධයෙන් අමාත්‍යාංශය වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් පැවසු කෝප් සභාපතිවරයා ඒ පිළිබදව සිය දැඩි අප්‍රසාදය පළ කළා.

මේ අනුව මේ පිළිබදව කඩිනම් විමර්ශනයක් සිදු කර මෙම මූල්‍ය පාඩුව අයකර ගැනීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග සති දෙකක් තුළ දන්වන ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.

එසේම මෙවැනි පුද්ගයන් යළි රාජ්‍ය සේවයේ තනතුරු සදහා පත් නොකිරීමට වගබලා ගැනීම සදහා ජනාධිපති ලේකම්වරයාට, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිපාලන අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දන්වා සිටීමට කටයුතු කරන බවද කෝප් සභාපතිවරයා සදහන් කළා.

එසේම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දන්වා සිටින බවද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තවද ආයතනයේ පරිපාලනමය ගැටලු, මූල්‍ය පාලනය, ආයතනික විනය, වත්කම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය යන අංශ පිළිබද පරීක්ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයා විසින් අමාත්‍යාංශයට නිර්දේශයක් ලබා දුන් බවත් එහි වාර්තාව මසක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙසත් දැනුම් දෙනු ලැබුවා.

අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල සහිත සංයුක්ත සැලැස්මක් නොතිබූ බැවින් එය සකස් කිරීමට පසුගිය කෝප් රැස්වීමේදී ලබා දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමර්ශනය කර තිබෙනවා. මෙහිදී අධිකාරියේ වත්මන් සභාපතිවරයා පැවසුවේ පසුගිය අප්‍රේල් 27 වැනි දින පැවැත්වූ වැඩමුලුවකදී මෙහි කටයුතු ආරම්භ කළ බවත් ඉදිරි තෙමසක කාලසීමාව තුළ නිම කිරීමට අපේක්ෂා කරන බවයි.

අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මැයි මාසයේ විශ්‍රාම යාමට නියමිත බැවින් නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත් කිරීම සදහා පියවර ගැනීමට ලබා දුන් පසුගිය කමිටු රැස්වීමේ නිර්දේශය පිළිබදව ද අවධානය යොමු වුණා.

එසේම මේ වන විට අධ්‍යක්ෂ (මුදල්), විගණන නිලධාරී, අධ්‍යක්ෂ (පරිපාලන) ඇතුළු ප්‍රධාන තනතුරු 7 ක් පුරප්පාඩුව පවතින බවත් ඒ අනුව පරිපාලනය මුළුමනින්ම අඩාලවී ඇති බවත් මෙහිදී හෙළි වී තිබෙනවා.

එබැවින් එම තනතුරු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසටයි කෝප් කමිටුව උපදෙස් දුන්නේ.

නව බදවා ගැනීම් සිදු කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් බැවින් ඒ පිළිබදව වහාම සොයා බලා සති දෙකකින් කමිටුවට දන්වන ලෙසද කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබුවා.

අහංගම හෝටල් පාසැල සංචාරක හෝටලයක් ලෙස රුපියල් මිලියන 148 කට ආසන්න මුදලක් වැය කිරමින් නවීකරණය කිරීම, පොතුවිල් හෝටල් පාසැල් පරිශ්‍රයේ සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබා දෙන කාමර 10ක් ඉදිකිරීම ඇතුළු කරුණු පිළිබදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. අධිකාරියේ අරමුණුවලින් පරිබාහිව විශාල මුදලක් වැය කරමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළද අද වන විට මේවා පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් උදා වී ඇති බවටයි අනාවරණය වූයේ.

මේවන විට කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්‍රමාණයකට ඉල්ලුම තිබුණ ද දැනට මෙරටින් යවා ඇත්තේ 300 කට ආසන්න ප්‍රමාණයක් බව අනාවරණය වුණා. මේ අනුව රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබුවා. මේ සදහා පෞද්ගලික අංශයේද සහය ලබා ගෙන ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් සංයුක්ත සැලැස්මට ඇතුළත් කර ක්‍රියාත්මක කරන ලෙසටයි කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

මිලියන 50 ක ආසන්න මුදලක් වෙන් කර තිබියදීත් අවශ්‍ය පුහුණු භාණ්ඩ සහ උපකරණ මිලදී ගෙන නොතිබීම, ආරම්භ නොකරන ලද ව්‍යාපෘති සදහා විශාල වියදමක් දරා තිබීම ආදි කරුණු පිළිබදව මෙහිදී විමර්ශන කටයුතු සිදු වුණා.