ජූලි 01 වැනිදා සිට සමෘද්ධි සහනාධාර ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.
මහ බැංකුව විසින් බලය පවරන ලද ඕනෑම බැංකුවක් හරහා මෙම සහන අරමුදල ලබාගැනීමේ හැකියාව පවතින අතර සමෘද්ධි සහනාධාරය ලබා ගැනීමට සුදුසුකම් ඇති අය හඳුනාගැනීමේ අධ්‍යයන කටයුතු පසුගිය 31 වැනිදා අවසන් කර කෙරිණි.
දිළිඳු හා අන්ත දිළිඳු යන කාණ්ඩ දෙකක් යටතේ සමෘද්ධි සහනාධරය සපයනු ලබයි. ඒ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා රුපියල් 15,000ක් සහ දිළිඳු පවුල් සඳහා රුපියල් 8,500ක දීමනාවක් රජය විසින් ලබාදෙනු ලබයි.