11.7 C
London
Friday, June 9, 2023

‘මොඛා’ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මොඛා’ චණ්ඩ සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මොඛා’ සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී අද (12) උදෑසන 05.30 වන විට 13.20N සහ 88.10E ආසන්නයේ කේන්ද්‍රගතව තිබෙනවා.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් පවතින බවත් තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිණිකොණ දිග බංග්ලාදේශය සහ උතුරු මියැන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම නිසා මුහුද ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මි. 55-65 පමණ වන අතර විටින් විට පැ.කි.මි. 75-85 දක්වා වැඩි විය හැකි බවත් පැවසුවා.

ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර විටින්විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

‘බිපාර්ජෝයි’ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව 'චණ්ඩ සුළි කුණාටුවක්' දක්වා වර්ධනය වී තිබේ. ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත...

අදත් ප්‍රදේශ රැසකට වැසි‍

අද (08) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

අදත් මිලිමීටර 100 ඉක්මවූ වැසි

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි.මී. 100ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here