28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයෑමක්

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයෑමක්

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,600ක් වාර්තා වී ඇති අතර ඉදිරි මාස කිහිපයේදී ඩෙංගු රෝගීන් තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඊයේ (11) කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන් 40ක් පමණ මේ වනවිට ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඔහු එහිදී අවධාරණය කළේ ඩෙංගු රෝගය වැළඳී සුවය ලැබූ දරුවන් වෙහෙසකර කාර්යයන්ට යෙදවීම තුළින් අක්මාවට හානි සිදුවිය හැකි නිසා ඒ පිළිබද දෙමාපියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කළේ
පෙර වසරට වඩා ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර වසරේ මේ දක්වා ඩෙංගු මරණ 16ක් වාර්තා වී ඇති බවයි.