24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරඟයකට ප්‍රංශයට ගිය හමුදාවේ 07ක් කට්ටි පනී

තරඟයකට ප්‍රංශයට ගිය හමුදාවේ 07ක් කට්ටි පනී

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක හමුදා තුන්ප්‍රයාම (Triathlon) ශූරතාවට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 07 දෙනෙක් තරගාවලිය අතරතුර පැනගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පැන ගිය අය අතර යුද හමුදාවේ 04ක්, ගුවන් හමුදාවේ 02ක් හා නාවික හමුදාවේ එක් අයකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඊයේ (11) වනවිට දැනුම් දී ඇත.

රටවල් 22ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදාවේ 13 දෙනෙකුගේ කණ්ඩායමක් පසුගිය මැයි 4 වැනිදා ලංකාවෙන් පිටව ගිය අතර මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ නාවික හමුදාවේ කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩිය. තරගාවලිය මැයි මස 5 වැනිදා සිට ආරම්භ වූ අතර මෙම පිරිසට කාන්තා ක්‍රීඩිකාවන් පස්දෙනකුද අයත් විය.

මොවුන් සියලු දෙනාගේ ගුවන් ගමන් බලපත්‍රද තිබී ඇත්තේ මෙම කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව වන නමුත් එම නිලධාරියා කෑම ගැනීම සඳහා ගිය මොහොතක බෑගයේ තිබූ ගමන් බලපත්‍ර සොරකම් කරගත් හත්දෙනකු රැඳී සිටි ස්ථානයෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.