26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියලුම ඇල්ලේ කෑම්පින් ගිය යුවළට වනඅලි ප්‍රහාරයක්

දියලුම ඇල්ලේ කෑම්පින් ගිය යුවළට වනඅලි ප්‍රහාරයක්

කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශය රාත්‍රී කඳවුරු සඳාහා සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියකට පත් ප්‍රදේශයකි.

එම ප්‍රදේශයේ රාත්‍රී කඳවුරක් සඳහා ඊයේ (11) දින තරුණ යුවලක් පැමිණ ඇති අතර ඊයේ රාත්‍රී ඔවුන් සිටි කූඩාරමට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තරුණයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා වාරියපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක අයෙක් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.