24 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසුමන්තිරන්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

සුමන්තිරන්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ ව්‍යාපාරික කාන්තාවක් කොල්ලා ජෙහාන් හමීඩ් විසිනුයි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ජනතාවගේ ඡන්ද අයිතිය කප්පාදු වීමක් සිදුවන බවයි.

එම නිසා අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්තුලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු විභාගය අවසන් කර ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.