30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ 5000 නෝට්ටු සමඟ අඹු සැමි යුවලක් පොලිස් දැලේ

ව්‍යාජ 5000 නෝට්ටු සමඟ අඹු සැමි යුවලක් පොලිස් දැලේ

ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 12ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය සඳහන් කරනවා.

මෙම සැකකාර යුවළ සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට පැමිණි කාන්තාවක් ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලදී ගෙන තිබුණා.

ඒ පිළිබඳ සැක සිතූ වෙළඳසැල් හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව එම යුවළ පදිංචි කළුතර දකුණ පොලිස් වසමේ නිවස පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 11ක් සහ ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් ප්‍රින්ටරය ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ හතලිස්හත් හැවිරිදි වියේ පසුවන්නන්.

සැකකාර අඹුසැමි යුවළ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.