27.8 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

කීර්තිබණ්ඩාර පුර පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පළා යමින් සිටි මෝටර් රථයකට නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි ප්‍රහාර හමුවේද නොනවත්වා ධාවනය වූ මෝටර් රථය කිලෝමීටර 20ක පමණ දුරක් පළාගොස් ඇති අතර පසුව නිලධාරීන් විසින් එම රථය ලුහුබැඳ කොටු කරගෙන තිබෙනවා.

එම රථය තුල සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයන් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවම්කරුවන් බවත් ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20ක් ද සොයාගත් බව පොලීසිය වාර්තා කර තිබෙනවා.

එසේම ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක පොලොන්නරුව ප්‍රදේශයේ ජාවාරම මෙහෙයවු ලබන්නේ මොවුන් තිදෙනා බවත් පොලිස් මූලික විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.