29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුමැතිය හිමි වූ ප්‍රදේශවල පමණක් කූඩාරම් ඉදි කරන්න - සංචාරක සංවර්ධන අධිකාරියෙන්...

අනුමැතිය හිමි වූ ප්‍රදේශවල පමණක් කූඩාරම් ඉදි කරන්න – සංචාරක සංවර්ධන අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේදී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථානවලට පමණක් යොමු වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහය ලබාගත යුතු බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

දෙස් විදෙස් සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වා ගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවත් එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි අතර ඉන් සංචාරකයින්ට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රියගත කිරීමේදී පෙරේදා තරුණ යුවලකට එල්ල වූ බව කියන වන අලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්ව තරුණයා තුවාල ලැබිණි.