29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅලුත විවාහ වූ යුවළ එකටම අවසන් ගමන් ගිය තිරිවානාකැටියේ ඛේදවාචකය

අලුත විවාහ වූ යුවළ එකටම අවසන් ගමන් ගිය තිරිවානාකැටියේ ඛේදවාචකය

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ තිරිවානාකැටිය ඉන්ධන පිරවුම්හල අසළ ඊයේ (12) සිදු වූ රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූජාවක් සඳහා අසළ පිහිටි දේවාලයකට පැමිණි අඹුසැමි යුවළක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අඹුසැමි යුවළ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් ළඟදී විවාහ දිවියට පිවිස ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තරුණයා හෙට දිනයේ විදෙස් ගතවීමට සිට ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.