26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅසල්වැසියා සමඟ ඇති වූ ආරවුල දුරදිග යාමෙන් 24 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට

අසල්වැසියා සමඟ ඇති වූ ආරවුල දුරදිග යාමෙන් 24 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පොළොන්නරුව, ගල්ලෑල්ල, සුවසෙත ගම ප්‍රදේශයේ තරුණයෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ තරුණයා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ තරුණයා තවත් මිතුරන් දෙදෙනෙකු සහ අසල්වාසියෙකු අතර ඇති වූ ආරවුලක දී අසල්වැසියා විසින් මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.