21.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් තිළිණ කර තිබෙනවා.

Beechcraft KA350 ගුවන් යානය පිරිනැමීමට අදාළව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

Beechcraft KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයක්.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙම ත්‍යාගය ශ්‍රී ලංකාවට සිය සමුද්‍රීය ආරක්‍ෂාව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ශක්තිමත් කරනු ඇති බවයි.

එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ සමීප සහයෝගීතාවයේ තවත් විදහා දැක්වීමක් බවයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.