28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පොල තරුණියගේ නිසල සිරුර ගොඩගැනේ

ගම්පොල තරුණියගේ නිසල සිරුර ගොඩගැනේ

ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ සතියකට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගත්තා.

එලෙස ගොඩගත් සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගැනුණු බව සඳහන්.

ෆාතිමා මුනව්වරා නැමැති මෙම තරුණිය ඝාතනය කර වළ දැමූ බවට මේ වනවිට අත්අඩංගුවේ පසුවන 24 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (24) පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබුණා.

ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ මෙම තරුණිය පසුගිය ඉරිදා සිය සේවා ස්ථානයට යමින් සිටි අතර තුර අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකළ පොලිසිය සිද්ධියට සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව එම සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත්, ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවයි.

සැකකරු විසින් ලබාදුන් එම තොරතුරුවලට අනුවයි ෆාතිමා මුනව්වරා වළදමා ඇති ස්ථානය හඳුනාගෙන ඇයගේ දේහය ගොඩ ගැනීමට මෙලෙස කටයුතු කරනු ලැබුවේ.