29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතංගල්ලේ සිදු වූ මාරක අනතුරකින් මාස 07ක බිළිඳියක් ජීවිතක්ෂයට

තංගල්ලේ සිදු වූ මාරක අනතුරකින් මාස 07ක බිළිඳියක් ජීවිතක්ෂයට

තංගල්ල, ගොඩිගමුව ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාස 07ක කුඩා බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වල්පොළ හේවාගේ නෙතුලි නැමැති කුඩා බිළිඳියක්.

තංගල්ල ප්‍රදේශයේ සිට අඟුණුකොළපෑලැස්ස බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ රන්න⁣ ප්‍රදේශයේ සිට තංගල්ල බලා ගමන් ගත් ලොරි රථයක් ගොඩිගමුව ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ එකම පවුලේ පස්දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ එම පිරිස සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් පසුවයි මාස 07ක කුඩා බිළිඳිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බරපතළ තත්ත්වයේ පසුවූ මියගිය බිළිඳියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ලොරි රථය පැදවූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.