28.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමුදා සෙබළෙකු අනතුරට ලක් කර පලාගිය වාහනයක් සොයා පරීක්ෂණ

හමුදා සෙබළෙකු අනතුරට ලක් කර පලාගිය වාහනයක් සොයා පරීක්ෂණ

සූරියවැව හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු අනතුරට ලක්කර පළා ගිය වාහනයක් සොයා පරීක්ෂණ සිදුකරන බව වැලිපැන්න පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ සූරියවැව යුද හමුදා කඳවුරේ රාජකාරි කරන 43 හැවිරිදි නිලධාරියෙක්. ඔහු හොරවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හෙළිවී තිබෙනවා.

වැලිපැන්න පොලිසිය සහ ගබඩා හන්දිය අතර ප්‍රදේශයේ අද අලුයම අනතුර සිදුව ඇති අතර තුවාලකරු කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

වැලිපැන්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.