28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑකම නිවසේ නතරව සිටි නෙළුවේ දරුවන් සිව් දෙනෙක් අතුරුදන්

එකම නිවසේ නතරව සිටි නෙළුවේ දරුවන් සිව් දෙනෙක් අතුරුදන්

නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් 4දෙනෙකු ඊයේ(13) රාත්‍රියේ සිට අතුරුදහන්වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදහන්වි ඇත්තේ අවුරුදු 01 මාස 03 අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් 4දෙනෙකි.

මෙම දරුවන්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටියදී ඊයේ රාත්‍රි සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් 119ට දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරික්ෂණ පවත්වනවා.