18 C
London
Friday, June 2, 2023

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරේ

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයේ පිතිකරුවන් 07 දෙනෙකු නම්කර ඇති අතර පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෘස්පුල්ලේ, ඇන්ජලෝ මැතිව්ස්, නුවනිඳු ප්‍රනාන්දු සහ චරිත් අසලංක ඇතුළත්.

කඩුලු රකින්නන් ලෙස මෙම මූලික සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයින් නම්කර තිබෙනවා.

දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කර ඇති තුන් ඉරියව් ක්‍රීඩකයින් වනවා.

වේගපන්දු යවන්නන් 09ක් මෙම සංචිතයට එක්කර ඇති අතර, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මදුසංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුශාන් එම ක්‍රීඩකයින් නවදෙනායි.

දඟපන්දු යවන්නන් ලෙස මහිෂ් තීක්ෂණ, ලක්ෂණ සඳකැන් සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතය සඳහා නම්කර තිබෙනවා.

ඒ, අනුව පසුගිය වසරේ පැවති විස්සයි විසස ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයට ලක්වූ දුෂ්මන්ත චමීර යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර, කුසල් පෙරේරා ද වසර දෙකකට පසු එක්දින සංචිතයකට කැඳවා තිබෙනවා.

ක්‍රීඩකයින් තිස්දෙනෙකුගෙන් යූත් මෙම මූලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇෆ්ගනිස්තානය සමඟ එළඹෙන තරගාවලිය සඳහා නම් කිරිමට නියමිතයි.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) පැවැත්වීමට නියමිතය. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද උදෑසන 10.00ට මෙම...

මහේන්ද්‍ර සිං දෝනි ශල්‍යකර්මයකට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ශල්‍ය කර්මයකට මුහුණදීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත්...

රෂිඩ්ට මුල් තරඟ දෙක අහිමි වෙයි

ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක රෂිඩ් ඛාන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු හා දෙවන එක්දින තරගවලින් ඉවතව ඇති බව වාර්තා වනවා. ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here