25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු 10ක දැරියක් පැහැර ගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

අවුරුදු 10ක දැරියක් පැහැර ගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු කයිවෙලි ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු පැහැර ගැනීමට උත්සහ කළ කණ්ඩායමක පුද්ගලයෙකු ඊයේ (13) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ දැරිය මව සමඟ උපකාර පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ පිරිසක් පැමිණ දැරියගේ මුහුණට කිසියම් දියරයක් ඉස ඇති බවයි.

එහිදි දැරිය බිම වැටී ඇති අතර, සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාත්මක වී අදාළ පිරිසෙන් එක් අයෙකු අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබෙනවා.

පොලිසිය පැවසූවේ දැරිය පැහැර ගැනීමට පැමිණි අනෙක් පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පුළුල් පරීක්ණ පවත්වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු අද (14) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය මාන්චෝලෙයි රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

දැරියගේ පියා සහ මව වෙන්ව ජිවත්වන අතර, පියා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියේ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.