29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅහුන්ගල්ලේ සංචාරක හෝටලයක පළමු මහලෙන් දරුවෙක් බිමට ඇද වැටෙයි

අහුන්ගල්ලේ සංචාරක හෝටලයක පළමු මහලෙන් දරුවෙක් බිමට ඇද වැටෙයි

අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටී දරුවෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහා සිය මව්පියන් සමඟ එම හෝටලයට පැමිණි සිටි සිව්හැවිරිදි පිරිමි ළමයෙක්.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අදාළ පිරිමි දරුවා අද (14) උදෑසන 7.00ට පමණ ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ රැඳි සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් තුවාල ලැබූ දරුවා බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බවයි අහුංගල්ල පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.