― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඑක්ස්ප්‍රස් පර්ල් අනතුරෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් අනතුරෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට පියවර

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ.

මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවු හානිය ගණනය කිරිම, ආරම්භ කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු සීමාවට සිදුවු හානිය මෙතෙක් ගණනය කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණයි.

නව ගනණය කිරීම්වලින් පසුව දැනට හානි පූර්ණ වන්දිය ලෙස තක්සේරු කර ඇති ඩොලර් බිලියන 6 දශම 5කට ආසන්න මුදල තවදුරටත් ඉහළ යා හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ, ශ්‍රී ලංකාව පසුගියදා නඩු පැවරු අතර එම නඩුව යළි හෙට (15) කැඳවීමට නියමිතයි.