32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

සතියකට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34000කට අධිකයි.

එය පසුගිය වසරට වඩා 60%ක ඉහළ යාමක්. ගතවු දින 12 තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 3400ක් හඳුනාගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේ මේ වන විට වාර්තා වන රෝගීන් 50%ක් ඩෙංගු වෛරසයේ තුන් වන ප්‍රභේදයට අයත් වන බවයි.

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ඝණත්වය ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කරන ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් ලබාදුන්න ද පසුගිය දින කිහිපයේ දීම කළ වැටලීම්වල දී ඩෙංගු මදුරුවන් බෝ වන පරිශ්‍ර විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකිවුණා.

මේ අතර දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, දොඩංගොඩ පොලිස් ස්ථානය, දොඩංගොඩ ප්‍රාදේශිය සභාව සහ ත්‍රී රෝද රථ සංගමය එක්ව සංවිධාන කළ ඩෙංගු මර්දන වැඩසටහනක දී කළුතර නිවාස 178ක් පරීක්ෂා කෙරුණා.

එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය නිවාස 11කට දඩ නියම කළ අතර නිවාස 35කට අවවාද කිරීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?