31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද, අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පමණයි.