26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ස්ථානාධිපතිට චන්ඩි පාට් දැමූ අයට වැඩ වරදී

දුම්රිය ස්ථානාධිපතිට චන්ඩි පාට් දැමූ අයට වැඩ වරදී

බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) වැනිදා රාත්‍රී 7ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තුන් දෙනෙකු ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ රාත්‍රී බෝලවත්ත දුම්රිය ස්ථානයටතුළ ඇති ආසන වල වාඩිවී මත්පැන් පානය කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කිරීමට නොහැකි බව පවසා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව එම පුද්ගලයින් තිදෙනා මන්නා පිහියක් සහ රීප්ප පටියක් ද රැගෙන පැමිණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී දුම්රිය ස්ථානයටද අලාභ හානි කර පිටව ගොස් තිබෙනවා.

පහර කෑමට ලක්වූ පිරිස විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු සහ මිරිස්සන්කොටුව පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.