30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අවදානමක්

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අවදානමක්

ඇඳහැලෙන අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ, අනුව ඉදිරි පැය 24ක කාලය තුළ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැළකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එම පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැනුම් දෙන අතර, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ද දැනුම් දෙනවා.