29 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherප්‍රදේශ කිහිපයකට ඇද හැළෙන වැස්ස ගැන නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ඇද හැළෙන වැස්ස ගැන නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද රාත්‍රී 11 තෙක් වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අතිශය චණ්ඩ මෝඛා සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු ප්‍රදේශවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.

දකුණු පළාතේත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.