බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර පැහැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදිම සඳහා එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර තිබෙන බව සඳහන්.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අවශ්‍ය පරිදි බදුල්ල රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර
ගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.