27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාරියපොල තරුණයින් දෙදෙනා මියයාමට හේතුව හෙළිවෙයි

වාරියපොල තරුණයින් දෙදෙනා මියයාමට හේතුව හෙළිවෙයි

මිනුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය වළක තිබී හමුවූ  මල සිරුරු විදුලි සැර වැදීම හේතුවෙන් සිදුවූ මරණ බවට දේහයන් පිළිබදව සිදුකරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බව වාරියපොල පොලිසිය සදහන් කරයි.

පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී මියගිය දෙදෙනාට විදුලිසැර වැදී ඇතැයි සැළකෙන ස්ථානයක් හදුනාගෙන ඇත.

එසේ අනවසර විදුලි රැහැන් ඇද තිබූ බවට සැකපිට වයස අවුරුදු 37 ක පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු අනවසර විදුලිරැහැන් ඇද පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්කිරීම සහ එසේ මියගිය අයගේ මෘත දේහයන් සැගවීම යන කරුණු මත  වාරියපොල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරාමට නියමිතව තිබිණ.