― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsදිස්ත්‍රික්ක 09ක ඩෙංගු අවදානම ඉහළට

දිස්ත්‍රික්ක 09ක ඩෙංගු අවදානම ඉහළට

දිස්ත්‍රික්ක 09ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ. ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම පවසයි.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33400 ක් වාර්තා වී ඇති අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 කි.