30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 1,872කට පීඩා

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 1,872කට පීඩා

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය දින පහ තුළ පවුල් 428 ක පුද්ගලයන් 1,872ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නිවාසවලට සිදුවූ හානි සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ජල ගැලීම් සහ නායයෑම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.