30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථික අර්බුදයෙන් මීදීමට ලෝක බැංකුවේ පූර්ණ සහාය

ආර්ථික අර්බුදයෙන් මීදීමට ලෝක බැංකුවේ පූර්ණ සහාය

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම කැපවීම පැසසිය යුතු බවයි.

අයියර් මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (15) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය. එහි දී මෙරට සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය සේමසිංහ මහතා කියා සිටියේ අදාළ පනතේ නව විධිවිධාන පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීම සතුටට කරුණක් බවයි. එසේ ම අදාළ ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය විනිවිධභාවයෙන් යුතු ස්වාධීන එකක් බව හෙතෙම අවධාරණය කළේ ය.

ඉන්දියාවේ ක්‍රියාත්මක සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ අත්දැකීම් විස්තර කළ අයියර් මහතා නව සුබ සාධන ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රසාදය එක් කළේ ය.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් මහතා ද එක්විය. මුදල් අමත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද අමාත්‍යාංශය වෙනුවෙන් ඊට සහභාගී වූහ.