― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දීය සරණාගත කඳවුරකදී ශ්‍රී ලාංකිකයෙක්ට වූ අපරාධය

ඉන්දීය සරණාගත කඳවුරකදී ශ්‍රී ලාංකිකයෙක්ට වූ අපරාධය

දකුණු ඉන්දියාවේ නෙල්ලෙයිල ප්‍රදේශයේ පිහිටි කංගෙයිකොන්ඩාන් සරණාගත කඳවුර තුළ දී ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු රාමචන්ද්‍රන් නැමැති අයෙක් බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සහ දරුවා වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන අතර අදාළ පුද්ගලයා සරණාගත කඳවුරේ වාසය කරමින් පින්තාරු රැකියාව නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෙරට ජීවත්වන ඥාතීන් පවසන්නේ අදාළ පුද්ගලයා පෙරේදා (13) උදෑසන නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමේ දී කැපුම් තුවාල සහිත ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කංගෙයිකොන්ඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා.