27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර දැරියගේ සැකකරුවන් සිව්දෙනා අද අධිකරණයට

කළුතර දැරියගේ සැකකරුවන් සිව්දෙනා අද අධිකරණයට

කළුතර පස්මහල් ලැඟුම්හලකින් ඇදවටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා දැඩි ආරක්ෂක රැකවල් මැද අද (15) පෙරවරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රෙගනවිත් තිබෙනවා.

මියගිය පාසල් සිසුවිය ලැඟුම්හලට කැඳවාගෙන ආ ඇයගේ 19 හැවිරිදි මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ, මියගිය සිසුවියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී නිහඩ විරෝධතාවකද නියැලී සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.