27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර සිසුවියට අවසන් ඇමතුම දුන්නේ කවුදැයි සොයා විමර්ශන

කළුතර සිසුවියට අවසන් ඇමතුම දුන්නේ කවුදැයි සොයා විමර්ශන

කළුතර නගරයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මිය ගිය පාසල් සිසුවියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් මිතුරිය සහ ඇගේ පෙම්වතා අද (15) දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර 19 හැවිරිදි මිතුරියගේත් ඇයගේ පෙම්වතාගේ සහ සිසුවිය සමඟ ලැඟුම්හල් කාමරයේ රැඳී සිටි සීසර්වරයාගේ දුරකථන ජාල විශ්ලේෂණයකට යොමු කිරීම කෙරෙහි ද විමර්ශන සිදුකරන අංශවල අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය නියෝග අද (15) දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවියට අවසන් වරට දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ එම දුරකථන ඇමතුම ඇය ලැඟුම්හල වෙත කැඳවාගෙන ආ 19 හැවිරිදි මිතුරිය විසින් ලබාගෙන ඇති බවයි.

සිසුවියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් පසු කළබලයට පත්ව ඇය ජනේලයෙන් පිටතට පැන්න බවටයි මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.