26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ නායකත්වයට එන්නේ ජනතා මනාපයෙන් විතරයි

මහින්ද රාජපක්ෂ නායකත්වයට එන්නේ ජනතා මනාපයෙන් විතරයි

මහින්ද රාජපක්ෂ නැවත නායකත්වයට පැමිණෙන්නේත් ජනතාවගේ මනාපයෙන්ම පමණක් බවත් එම නිසා කොළඹට දැඩි ආරක්ෂාවල් යොදා තිබීම අනවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ මහින්ද රාජපක්ෂ නායකත්වයට සමු දුන්නේ ජනතාවත් සමඟ බවත් වැටුණු රට නැවත නැගී සිටින නිමේෂයක අරගල කිරීම තුළින් නැවතත් එය කඩා වැටීමකට ලක් විය හැකි බවත්ය.

එමෙන්ම අරගල කිරීම තුළින් වැටෙනුයේ රාජපක්ෂවත්, රනිල් වික්‍රමසිංහත් නොව සමස්ත රට බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ කොළඹට දැඩි රැකවල් යෙදීම තුළින් සංචාරක කර්මාන්තයට, ආයෝජනවලට පමණක් නොව රටෙහි ප්‍රතිරූපයට පවා හානියක් සිදු විය හැකි බවයි.