― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවසර 33කට පෙර සැමියා එළොව යැවූ බිරිඳ සියල්ල පාපොච්චාරණය කරයි

වසර 33කට පෙර සැමියා එළොව යැවූ බිරිඳ සියල්ල පාපොච්චාරණය කරයි

වසර 33කට පෙර සිය මව සහ මවගේ අනියම් සැමියා එක්ව තම පියා ඝාතනය කර ඇති බවට පුතෙකු විසින් ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පුතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය පියා ඝාතනය කර දමා ඇති බව කියන වැසිකිලි වල පොලිස් නිලධාරීන්ට පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව ඌරුබොක්ක පොලිසිය විසින් අධිකරණය දැනුවත් කර ඇති අතර අද (15) මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එම මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

දැනට ආබාධිතව සිටින මව විසින් ‘මම පව්කාර වැඩක් කලා’ යනුවෙන් ඇයගේම නැගණියට පවසා එම ඝාතනය පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.