― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalහැරිසන් ජනපති රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යයි

හැරිසන් ජනපති රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජන බලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේදී පැවතු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සජබෙ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු ඇති බවත් තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවත්ය.

“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජන බලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ඡා.”