11.3 C
London
Tuesday, May 30, 2023

ප්‍රවාහන ක්ෂේත්‍රය ළඟදීම ඩිජිටල්කරණය කරනවා

කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනතුරු විමර්ශන නිලධාරීන් සඳහා ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාර්ග ආරක්ෂාව හා අනතුරු නිවාරණය පිළිබඳව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සංවිධානය කළ වැඩමුළුවක් අමතමිනි.

එහිදී ලංගම ප්‍රවේශ පත්‍ර සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර QR ක්‍රමවේදයකට රුගෙන එන බවත් එමගින් ආදායම ඉහල යන බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම හැකි ඉක්මනින් ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කර වැරදි කරන රියදුරන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා එ- මොටොරින්ග් ව්‍යාපෘතියද ඉතා කඩිනමින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.

නිදහසින් පසු ගමන්කර තියෙන විවිධ ක්ෂේත්‍රවල අවසානය දියුණුව හෝ පරාජය නිර්මාණය කරනු ලබන දළ ජාතික නිෂ්පාදනය සඳහා ප්‍රවාහන අංශය විශාල ලෙස දායක වී ඇති බවත් නිෂ්පාදනය, හුමවාරුව හා පරිභෝජනය යන අංශ තුන සඳහා නැතිවම බැරි දෙයක් ලෙස ප්‍රවාහන අංශය කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

දැරිය නොහැකි විශාල ණය බරක් සහිතව එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් දැරීමට පවා ප්‍රමාණවත් තරම් මුදලක් රටේ නැතිකොට යටිතල පහසුකමක් ඇති කිරීමට නම් විදේශ හෝ දේශීය ණයක් ගැනීමට සිදු වී ඇති බවත් එය කුමන රජයක් ආවත් පොදු වේ අත්විඳීමට සිදු වී ඇති සත්‍යක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආදායම රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට හා වෙනත් අත්‍යවශ්‍ය වියදම් හා සුබසාධක කටයුතු සඳහා යෙදවේ. රට තුළ සාධනීය වෙනස්කම් කරනු නොලැබුවේනම් රට ගෙනියන්න බෑ. මේ නිසා සෑම ආයතනයක්ම අඩුම තරමේ පවත්වා ගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබිය යුතුය. මෙයට හොඳම විසඳුම ලෙස ගමනාගමන මණ්ඩලයට නව නායකත්වයක් පත් කර තියෙනවා.”

Latest

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව කෘෂිකර්ම...

වහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුර දී ඇති වූ විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here