30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘති

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘති

විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට කටයුතු ආරම්භ කිරීම කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පියවර ගෙන ඇත.

ඒ අනුව එම ව්‍යාපෘතිය ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ සදහා වන මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිත අතර අද (16) නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ සමග සාකච්ඡාවක් ද පැවැත්විණ.

මේ සම්බන්ධයෙන් විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සදුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේවෙතත්, විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරගෙන පවත්වනු ලබන සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත අනුව ඉදිකරනු ලබන නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව හා නිවාස ඉදිකරනු ලබන ප්‍රදේශ හදුනාගැනීමට නියමිතයි.