30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යයි

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යයි

මත්ද්‍රව්‍ය චෝදනාවකට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත සිටිය දී පසුගිය 13 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත පොලීසිය වෙත රැගෙන යාමේදී පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස පළාගොස් ඇත්තේ 38 හැවිරිදි තලවතුගොඩ ජෝතිකාරාම පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පලාගිය සැකකරු සොයා තලංගම පොලීසිය විමර්ශ‍න ආරම්භ කර තිබෙන බවයි වාර්තාකරු සඳහන් කළේ.