26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඟලුම් සේවිකාව නාන අයුරු වීඩියෝ කළ සේවකයා රිමාන්ඩ්

ඇඟලුම් සේවිකාව නාන අයුරු වීඩියෝ කළ සේවකයා රිමාන්ඩ්

ඇගළුම් කම්හල් සේවිකාවක් දිය නාන අයුරු සූක්ෂම අයුරින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ සැකකරුවෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ කටුනායක ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් කාමරයක නැවතී සිටින මිගලෑව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි වාර්තා වන්නේ.

ඇඟලුම් කම්හල් සේවකයෙකු වන සැකකරු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය මෙහිදී නියෝග කර තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පැමිණිලිකාර කාන්තාව දිය නාමින් සිටින අවස්ථාවක නාන ස්ථානය වටකර ඇති ස්ථානයේ ඇති සිදුරකින් සැකකරු විසින් දිය නාන අයුරු ජංගම දුරකථයෙන් වීඩියෝ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුට අයත් ජංගම දුරකථනයේ තවත් කාන්තාවන් දිය නාන අයුරු වීඩියෝ කර ඇති දර්ශන ඇති බවයි හෙළිවුණේ. සැකකාර පුද්ගලයා සහ පැමිණිලිකර කාන්තාව කටුනායක, වෙළඹඩ පාරේ පිහිටි බෝඩිං කාමර දෙකක පදිංචිව සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.