26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑකවරම නිවසකට පැමිණි තිදෙනෙකු පුද්ගලයෙකුගේ දිවි තොර කරයි

එකවරම නිවසකට පැමිණි තිදෙනෙකු පුද්ගලයෙකුගේ දිවි තොර කරයි

එකවරම නිවසකට පැමිණි තිදෙනෙකු නිවසේ රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී පළාගොස් තිබෙනවා.

බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සිද්ධිය සිදුවී ඇත.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මොහු බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

මියගිය පුද්ගලයා සහ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතර කලක සිට පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතුවී ඇති බවට පොලීසිය සැක පළ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.