26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් නීති කිහිපයක් වෙනස්වෙයි

ක්‍රිකට් නීති කිහිපයක් වෙනස්වෙයි

ක්‍රිකට් තරග නීති කිහිපයක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.

සෞරව් ගංගුලිගේ මූලිකත්වයෙන් යුත් පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටුව විසින් ලබාදුන් නිර්දේශයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බවට අපැහැදිලි නම් එය තෙවන විනිසුරුවරයාට යොමු කිරීමේ දී පිටියේ විනිසුරුවන්ගේ මතය ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බවට සංශෝධනය කර තිබෙනවා.

මේ අතර ක්‍රීඩා පිටියේ අවදානම් අවස්ථාවන් හිදී ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ද මෙහිදී නිර්දේශ වී ඇති බව සඳහන්.

ඒ, අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන අවස්ථාවේ දී, කඩුලු රකින්නා කඩුල්ල අසල කඩුලු රකින අවස්ථාවේ දී, කඩුල්ල ඉදිරිපස පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටින අවස්ථාවලදී මෙලෙස හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

නිපන්දුවකින් පසුව ලබාදෙන ෆ්‍රී හිට් අවස්ථාවේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුණු විට එහිදී පිතිකරුවා ලබාගන්නා ලකුණු පිතිකරුවා වෙත ලබාදීමට ද මෙහිදී තීරණය කළ බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව නීති ක්‍රියාත්මක බවයි.