අද (16) දිනයේ පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයේදී පසුගියදා කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව ආරක්ෂක අමාත්යංශය පවසයි.
ඒ අනුව අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ආරක්ෂක කවුසිලය කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පෙරහුරුවක් සඳහා අදාළ අංශ පසුගියදා කොළඹට කැඳවූ බවයි ආරක්ෂක අමාත්යංශය අවධාරණය කළේ.