23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෘහ සේවිකාවන් 32ක් කුවේටයෙන් පිටුවහල් කරයි

ගෘහ සේවිකාවන් 32ක් කුවේටයෙන් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 32 දෙනෙක් අද (16) අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබේ.

රැකියා සඳහා කුවේට් රාජ්‍යයට ගොස එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැඳී සිටි කාන්තාවන් 32 දෙනෙකුයි මෙලෙස පිටුවහල් කර ඇත්තේ.

මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළා විත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකාව බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකි.

මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබූ කාන්තාවන් අනුරාධපුරය, වව්නියාව, ගම්පහ, කින්නියා, කොළඹ, කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි වාර්තා වන්නේ.