මේ වසරේ ජුනි 13 වැනිදා සිට දින 100ක කාලයක් පුරාවට නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය අක්‍රිය කර තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ, සිදුකිරීමට නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා මෙලෙස මෙම ඒකකය අක්‍රිය කෙරුණද, අදාල කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් අනෙකුත් තාප විදුලි බලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයට 30 වන ගල් අඟුරු තොගයද ගොඩබාමින් සිටින බවත් ඒ සමඟම මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු සම්පූර්ණ වී ඇති බවත්ය.