25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබුදුන්ට අපහාස කළ ජෙරම් දේවගැතිවරයා ගැන පරීක්ෂණයක්

බුදුන්ට අපහාස කළ ජෙරම් දේවගැතිවරයා ගැන පරීක්ෂණයක්

ආගමික සංහිඳියාවට හානි වන ලෙස දේවගැතිවරයෙකු විසින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඇදලා නියෝග පරිදි වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සඳහන්.

වගකීම් විරහිත ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. ඒ අනුව අදාළ දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයෙකු, බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය හා ඇතැම් මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා.