24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට එවන්න හැදූ ගංජා කිලෝ 2000ක් ඉන්දියාවේදී අල්ලයි

මෙරටට එවන්න හැදූ ගංජා කිලෝ 2000ක් ඉන්දියාවේදී අල්ලයි

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයන් 06 දෙනකු සහ වාහන දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

කීරෙයිතුරෙයි පොලීසියට මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහ පරිමාණ කේරල ගංජා ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි නිලධාරීන් පිරිසක් පුදුකුලම්හි පොල්වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පරික්ෂා කොට ඇති අතර
එහිදී ලොරි රථයේ සිට අය පොලීසියට පවසා ඇත්තේ තමන් සීනි රැගෙන යන බවයි.

එහිදී සීනි ගෝනි ඉවත් කොට බැලීමේදී සීනි උර මෙන් සැකසූ සැකකටයුතු තවත් ගෝනි කිහිපයක් තිබී සොයාගෙන තිබේ. එම ගෝනි කිහිපය පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 2000 කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගැනීමට ඉන්දීය පොලිසිය සමත් වී තිබේ.