― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමෙවර සා.පෙළ ලියන සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සා.පෙළ ලියන සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කරනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසන්නේ එම විභාග අපේක්ෂකයින් ඒ සඳහා වන ඉල්ලුම්පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බවයි.

ජාතික හැදුනුම්පත සඳහා වන ඉල්ලුම්පත යොමු කළ ද, මෙතෙක් හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

හැඳුනුම්පත සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම්පත තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 011 5226100 හෝ 011 5226126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බව ද ඔහු සඳහන් කළා.