25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවියන් 63ක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

රැඳවියන් 63ක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

මහර බන්ධනාගාරයට හානි කළ රැඳවියන් 63 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන රහස් පොලිසියට නියෝග කළේය.

පසුගිය සමයේදී ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත්, කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් ඉල්ලමින් මහර බන්ධනාගාර රැඳවියන් පැවැත්වූ විරෝධතාවකදී නිලධාරීන්ට පහරදුන් සිද්ධියටා අදාළවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

විරෝධතාව අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිලිවලට ගිනි තැබීමෙන් සහ පහරදීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයකට අධික පාඩුවක් කොට ඇති බවත් විරෝධතාව වන විට බන්ධනාගාරයේ රැස්කොට තිබූ රුපියල් ලක්ෂ 19කට ආසන්න ආහාර තොග විනාශ කොට ඇති බවත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

2020 නොවැම්බර් 30 වැනිදා මහර බන්ධනාගාරයේ හටගත් මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් සිරකරුවන් 11 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.